කැළණි ගං ඉවුරෙහි පදිංචි අනවසර පදිංචි කරුවන්ට සහණ

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය දිනවල ඇති වූ දැඩි වර්ෂාපතනය හේතුවෙන් කැලණි ගඟ පිටාර ගැලීමෙන් ආපදාවට පත් කැලණිය පෙතියාගොඩ වාරිමාර්ග වේල්ල හා සොරොව්ව අසල අනවසරයෙන් පදිංචි පවුල් 50ක් පමණ ආපදාවට පත්විය.

ඉන් දැඩි අපහසුතාවයට පත් සමහර පවුල් වේල්ල මත තාවකාලික කූඩාරම් ඉදිකරගෙන සිටින අයුරු දැකගත හැකි විය.

මේ පිළිබදව සොයා බැලීම සදහා වාරිමාර්ග,ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පසුගියදා එහි සංචාරයක නිරත විය. මෙහිදී එහි පරීක්ෂාකර බැලීමේදී අනාවරණය වූයේ කැලණි ගඟ ඉවුර අසල දැඩි අවදානම් කලාපයක අනවසරයෙන් පදිංචි පවුල් 15ක් පමණ ඉක්මනින් ඉවත් කර පෙතියාගොඩ සොරොව්ව ඉදිකිරීම කටයුතු ඉක්මන් කළයුතු බවත්, ඒ අනුව ගංවතුර පාලනය කිරීම සදහා ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙසත් වාරිමාර්ග ඉංජිනේරුවන් හට උපදෙස් ලබාදෙන ලදී.

එහි පදිංචිකරුවන් සමග කළ කතාබහ අතරතුර අමාත්‍යවරයා විමසා සිටියේ මෙම ස්ථානයෙන් ඉවත්වීමට කැමතිද යනුවෙනි. තවද අනවසර පදිංචිකරුවන් වුවත් රජය ආපදාවට පත් ජනතාවට සපයන සහන සියල්ලම ලබාදෙන බවත්,කොළඹ නගරයෙන්ම විකල්ප පදිංචි කිරීම අපහසු කාර්යයක් බවත්,හදුනාගත් ප්‍රදේශයන්හි කඩිනමින් ඉඩම් නිදහස් කර අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් උපදෙස් ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් කාවින්ද දිසානායක මහතා,කැලණිය ප්‍රාදේශිය ලේකම්තුමිය ප්‍රබුද්ධිකා එස් බණ්ඩාර මහත්මිය, කැලණිය ශ්‍රීලංනිප සංවිධායක තිලක් වරාගොඩ මහතා,අධ්‍යක්ෂ හදිසි ආපදා බ්‍රිගේඩියර් අතුල මහතා සහ නිළධාරීන් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *