දළ පූට්ටුවාගේ DNA වාර්තාව ඉදිරිපත් කරන්නැයි පොලිස්පතිට නියෝග

(කොළඹ, ලංකාපුවත්) – වෙඩි තබා ඝාතනය කරන ලද ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියාගේ ඩි.එන්.ඒ පරීක්ෂණ වාර්තාව ඉක්මණින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (30) පොලිස්පතිවරයාට නියෝග කළේය.

අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන මෙන් අධිකරණය මීන් පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති නමුත් එය ඊයේ ඉදිරිපත් කර නොතිබිණ.

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර සොයා ගන්නා ලද්දේ පසුගිය නොවැම්බර් 29වනදා කහල්ල පල්ලේකැලේ වන රක්ෂිත තුළ තිබියදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 9 =