රුපියල් හයකෝටියක රන් බිස්කට් රේගු භාරයට

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් හයකෝටි හැත්තෑපන් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 100 ක් සමඟ පෝලන්ත ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අද(31) අත්අඩංගුවට ගනු ලැබීය.

60 හැවිරිදි මෙම පෝලන්ත ජාතිකයා සිය ඉණ වටා බැඳගෙන සිටි විශේෂ බඳ පටියක සඟවාගෙන මෙම රන් බිස්කට් තොගය රැගෙන විත් තිබූ බව ගුවන් තොටුපල රේගුව සඳහන් කළේය.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 650 දරණ යානයෙන් ඩුබායි සිට පැමිණි මොහු සන්තකයේ තිබී සොයාගත් මෙම රත්‍රං තොගයේ බර කිලෝග්‍රෑම් 10 ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 + 7 =