(කොළඹ, ලංකාපුවත්) –අරලගංවිල මගුල්දමන මහා විද්‍යාලයේ, පිබිදෙමු පොළොන්නරුව, වැඩසටහන යටතේ ඉදිකරන ලද දෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීම අද(01) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිණි.
අනතුරුව පාසල් ගුරුභවතුන් සහ සිසු දරු දැරියන් සමග ද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත විය.
අමාත්‍ය දයා ගමගේ, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, ශ්‍රීයානි විෙජ්වික්‍රම, අනෝමා ගමගේ, උතුරු මැද පළාත් ආන්ඩුකාර එම්.පී. ජයසිංහ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරුන් ද මෙම අවස්ථාවට එක්විය.