කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය පුළුල් කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) –දකුණු පළාතේ පැතිර යන වෛරසයට මුහුණ දීම සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය පුළුල් කිරීමට පියවරගෙන තිබේ.

වෛරසය මැඩපැවැත්වීමට රජයේ මැදිහත්වීමෙන් වැඩපිළිවෙළ රැසක් මේ වනවිටත් ක්‍රියාත්මකය.

දකුණේ පැතිරයන වෛරස් රෝගය පාලනය සඳහා කඩිනම් ප්‍රතිකාර සේවා සැපයීම රෝගීන් වෙන්කිරීමේ ස්ථාන ඇතිකිරීම ඇතුළු පියවර රැසක් මේ වනවිටත් ගෙන ඇත.

රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා ද රජයේ මැදිහත්වීමෙන් වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මකය. මේ අතර ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද පැවැත්වීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය කාර්යාලයේ සහ කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මැදිහත්වීම යටතේ රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණි.

කඹුරුපිටිය තුඹේ කණිෂ්ඨ විද්‍යාලයේ පැවති වැඩසටහනේ දී දෙමව්පියන් සහ දරුවන් දැනුවත් කිරීම සිදුකෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *