කොළඔ නගරයේ නව සිතියම එළි දැක්වේ

(කොළඹ, ලංකාපුවත්) – රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් අලුතින් සකස් කරන ලද කොළඔ නගරයේ සිතියම, නාරාහේපිට මිනින්දොරු දෙපාර්තමේන්තුවේ දී ඊයේ (31)පැවැති උත්සවයක දි මිනුම්පති ජනරාල් පී.එම්.පී උදයකාන්ත මහතා විසින් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන් කරුණාතිලක මහතා වෙත බාරදෙන ලැබීය.

කොළඔ වරාය නගරය හා අධිවේගී මාර්ගඅ ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු අඩංගු මෙම සිතියම අනුව කොළඔ නගරයේ සිතියම හෙක්ටයාර් 474.5කින් වැඩි වී ඇතැයි මිනුම්පති ජනරාල් පී. එම් .පී උදයකාන්ත මහතා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාවේ නව සිතියම සකස් කිරීම 2015දී ආරම්භ කළ අතර එහි කොටස් 92න් 72ක කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇත. තවත් කොටස් 20ක දැන් නිම කෙරෙමින් පවතින අතර මේ වසර අග භාගයේදී සම්පූර්ණ සිතියම නිකුත් කළ හැකි වනු ඇතැයිද ඒ මහතා කීය.

මෙහිදී අදහස් දැක් වූ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා, ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර එතනට මුලින්ම යන්නේ මිනින්දෝරුවරයා බවත් එයට අදාළ ඉඩම් මැනීම, සැළසුම් සකස් කිරීම සිදු කරන්නේ ඔවුන් විසින් බවත් කීය. එම නිසා මෙම සංවර්ධනයේ දී මිනින්දෝරු විසින් නිහඩව සිදු කරන විශාල සේවය අගය කළ යුතු බවත් පැවසීය.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයෙ ලේකම් ඩබ්. එච් කරුණාරත්න මහතා සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීහූ මේ අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *