ජොහාන් පීරිස් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –වරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වූ ජොහාන් පීරිස් අද (01) දිවයිනට පැමිණියේය.

ජොහාන් පීරිස් එවරස්ට් කදු මුදුණට ලඟා වූයේ පසුගිය 22වනදා නේපාල වේලාවෙන් උදෑසන 5.55ටය. ඔහු ජාත්‍යන්තර කඳු නැගීමේ මඟ පෙන්වන්නකු ද වේ.

ජයන්ති කුරු උතුම්පාල 2016 වසරේ දී එවරස්ට් කඳු මුදුන තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස වාර්තා අතරට එක්විය. ඇය සමඟ කඳු මුදුන පෙනෙන තෙක් මානයටම ගමන් කිරීමට එම අවස්ථාවේ දී ජොහාන් පීරිස් සමත් වුවද මීටර 400ක් තිබිය දී ඔක්සිජන් අවසන් වීම හේතුවෙන් ඔහුට එදා එම අවස්ථාව අහිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *