ප්‍රදේශ කිහිපයක ජලය කැපේ

(කොළඹ, ලංකාපුවත්) –අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගම්පහ හා කැලණිය ප්‍රදේශ කිහිපයකට හෙට දින පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද(01) රාත්‍රී 7.00 සිට හෙට(02) උදෑසන 7.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සදහන් කරයි.

කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ හා ජා – ඇල, යන ප්‍රදේශීය සභා බල ප්‍රදේශ වලට මෙන්ම ගම්පහ ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවනු ඇත.

එමෙන්ම පෑලියගොඩ, වත්තල, ජා – ඇල, කටුනායක හා සීදූව යන නගර සභා බල ප්‍රදේශවල ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 3 =