බැදුම්කර වාර්තාවේ සමස්ත තොරතුරු ප්‍රසිද්ධ කිරිමට ජනපති ලේකම් නීතිපති උපදෙස් පතයි

(කොළඹ, ලංකාපුවත්) –බැදුම්කර කොමිෂන් සභා වාර්තාවේ අඩංගු සමස්ත කරුණු ප්‍රසිද්ධියට පත් කිරීම සදහා ඇති නීතිමය තත්වය පිළිබද යළිත් වරක් තමන් නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව,පර්පචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් විසින් මුදල් ලබා දුන් බව කියන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණයක් අදාල කොමිෂන් වාර්තාවේ ඇති බවත් එය වහාම රටට හෙලි කරන ලෙසත් ඉදිරිපත්ව ඇති ඉල්ලීම් පිළිබද මාධ්‍යයට අදහස් දක්වමින් ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළේය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම දේශපාලනඥයන් හෝ සමාගම් වෙත මුදල් ලබා දී ඇති බව සදහන් විශේෂ ලේඛණයක් බැඳුම්කර කොමිෂන් වාර්තාවේ අඩංගු නොවන බවත් ,මුදල් ගත් මන්ත්‍රීවරුන්ගේ නාමලේඛණයක් තිබේදැයි සොයා බැලීමට නම් කොමිෂන් සභාව නිකුත් කල සම්පූර්ණ වාර්තාව අධ්‍යයනය කල යුතු බවත් එය සංකීර්ණ ක්‍රියාවලියක් බවත් ඔස්ටින් ප්‍රනාන්දු මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

එසේම නීතිපති අදාළ වාර්තාවේ සමස්ත කරුණූ ප්‍රසිද්ධියට පත් කරන ලෙස උපදෙස් ලැබුණහොත් එය සිදු කරන බවද ලේකම්වරයා මෙහිදි වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 4 =