ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල්යයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් තබා තිබේ.

ඊයේ (31) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීම කල් දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

ඉකුත් 30වනදා අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය පැවැත්වීම ජුනි මස 14 වන දින දක්වා වලක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබාදෙන ලදි.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙක් වන නිශාන්ත රණතුංග මහතා ගොනු කළ පෙත්සමත් සළකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + twelve =