නැතිවූ ‘රණ මයුර’ සම්මානය යළි ලෙස්ටර්ගේ නිවසට

(කොළඹ, ලංකාපුවත්) –අභාවප්‍රාප්ත චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාට අයත්ව තිබු රණ මයුර සම්මානය සමඟ ලැබී තිබු පදක්කම අද(01) නැවතත් සුමිත්‍රා පීරිස් මහත්මියට බාර දීම අද(01) සිදු විය.

අද උදෑසන කාලයේ දී නො 24, ලෙස්ටර් ජේම්ස් මාවත, කොළඹ 5 යන ලිපිනයේ පිහිටි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ නිවසේ දී මෙම පදක්කම බාර දීම සිදු කරන ලද්දේ පොලිස් මාධය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා විසිනි.

මෙම සම්මානය අතුරුදන්ව තිබුණේ ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාගේ අවසන් කටයුතු සිදු කෙරුණු දිනයේ දී ය. අනතුරව ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කෙරුණි.

ඒ අනුව ඉකුත් මැයි මස 5 වන දින මාර්ග අංක 177 ඔස්සේ ධාවනය වු කඩුවෙල-කොල්ලුපිටිය බස් රථයක තිබී අදාළ සම්මාන පදක්කම සොයා ගැණුනි.

අදාළ පුද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිස් ස්ථානයට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය විසින් රණ මයුර සම්මාන පදක්කම සිය බාරයට ගැණුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *