බැඳුම්කර වාර්තාවේ අප්‍රකාශිත පිටු කතානායකට

(කොළඹ, ලංකාපුවත්) – මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනාධිපති කොමිශන් සභා වාර්තාවේ මෙතෙක් නිකුත් නොවූ කොටස් ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් විසින් කථානායක කරු ජයසුරිය මහතා වෙත වෙත බාර දී තිබේ.

අද(05) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අදාළ වාර්තාවේ සී. 350 සිට සී.360 දක්වා කොටස් අදාළ නිලධාරීන් විසින් කථානායකවරයා වෙත භාර දුන් බව කථානායක කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව කථානායක කරූ ජයසූරිය මහතා විසින් අදාළ වාර්තා ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණු ඇත.

අර්ජුන් ඇලෝසියස්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මුදල් ලබාගෙන ඇති බවට පසුගිය දිනවල වාර්තා පළ වු අතර එම මන්ත්‍රීවරුන්ගේ නම් හෙලි කළ යුතු බවට දේශපාලන පක්ෂ සාමාජිකයින් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීකයින් අවස්ථා ගණනාවකදී සඳහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *