අරණායක නායයාමෙන් විපතට පත්වූවන් සදහා ඉදිකළ නිවාස සංකීර්ණයේ ජනපති නිරීක්ෂණ චාරිකාවක

(කොළඹ, ලංකාපුවත්) – අරණායක නායයාමෙන් විපතට පත්වූවන් සදහා මහජන චීන ජනරජයේ පරිත්‍යාගයක් ලෙස අරණායක, රුවන්දෙනිය ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ ඉදිකළ නිවාස සංකීර්ණය ඊයේ(04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

එම පදිංචිකරුවන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසීය.

තමන් පීඩාවට පත්වූ අවස්ථාවේ ඒ පිළිබද සොයා බලමින් ලබාදුන් හදිසි සහන පිළිබදව සහ ඉතා ඉක්මණින් නව නිවසක පදිංචි වීමට අවස්ථාව සලසාදීම පිළිබදව ද මෙහිදී මෙම ජනතාව ජනාධිපතිතුමා වෙත තම කෘතවේදිත්වය පළ කර සිටියේය.

අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ්.ඒ.එන්. ෆයිසල් මහතා විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානයාක, කබීර් හෂීම්, අධිනීතිඥ ලලිත් දිසානායක යන මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂුඇන් යුඇන් මහතා ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *