වවුනියාව කර්මාන්තශාලවක හදිසි ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) –වවුනියාව – වෛරපුලියන්කුලම ප්‍රදේශයේ කුඩා කර්මාන්ත ශාලාවක් ගිනිගෙන විනාශ වී තිබේ.

ගින්න හටගෙන ගැනුණේ ඊයේ(04) රාත්‍රී 11.00ට පමණ බව වාර්තා වේ. එහි තිබූ යන්ත්‍ර සූත්‍ර හා උපකරණ සියල්ල විනාශ වී ඇත.

වවුනියාව ගිනි නිවීමේ ඒකකය හා පොලීසිය එක්ව ගින්න පැතිරයාම වළක්වා තිබේ. විදුලි කාන්දුවීමක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි සැක කෙරේ.

මෙම ගින්න හට ගෙන ඇත්තේ තෙල් සිඳින පෞද්ගලික කර්මාන්ත ශාලාවක ය. වවුනියාව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලැබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *