නියෝජ්‍ය කථානායකවරයෙක් පත් කරගැනීමට අද සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – නියෝජ්‍ය කථානායකවරයෙකු පත් කරගැනීම අද(05) දිනයේ සිදුකිරිමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව අද රැස්වු පසු පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය කථානායක තනතුර සඳහා පුද්ගලයෙකු පත් කර ගැනීම සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය ලබාදෙමින් තිලංග සුමතිපාල මහතා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත් විය.

අදාළ ඉවත්වීම අද දිනයේ කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය.

ඒ අනුව නියෝජ්‍ය කථානායකවරයෙකු පත් කරගැනීමට නියමිත අතර ඒ සඳහා නම් කිහිපයක් ඉදිරිපත් වුවහොත් ඡන්දයක් පැවැත්වීමට ද සිදුවනු ඇත.

කෙසේවෙතත් අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කථානායක කරු ජයසූරිය මහතා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − 6 =