ක්‍රීඩා ඇමති අද ICC සභාපතිව හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අද(06) අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශංකර් මනෝහර් මහතාව හමුවීමට නියමිතය.

ඒ ඩුබායි හි පිහිටි අන්තරජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන කාර්යාලයේදී ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි පරිපාලන කටයුතු සහ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කිරීම මෙම හමුවේ අරමුණ වේ.

අමාත්‍යවරයා සමගින් සමගින් ක්‍රිකට් ආයතන නිළධාරීන් වන කමල් පත්මසිරි සහ ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුද මෙම හමුවට සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 1 =