ගජමුතු සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –මාතර, කැකනදුර ප්‍රදේශයේදී ගජමුතු සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මාතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරුවන් සතුව තිබී ගජමුතු දෙකක් පොලිසිය භාරයට ගෙන ඇති අතර සැකකරුවන් කැකනදුර ප්‍රදේශයේම පදිංචි 34 හැවිරිදි සහ 39 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

සැකකරුවන් අද (06) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව මාතර පොලිසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *