අධික වැස්ස සමඟ පස් කන්දක් කඩා වැටී දරුවෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අද(07) උදෑසන 11.00 ට පමණ දැරණියගල පොලිස් වසමේ උඩ මාලිබොඩ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී කුඩා පිරිමි දරුවෙකු මිය ගොස් තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් පස් කන්දක් කඩා වැටී නිවසේ සිටි මව සහ දරුවන් දෙදෙනෙකු පස්වලට යට වී ඇති අතර ඉන් දරුවෙකු බරපතළ තත්ත්වයෙන් දැරණියගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙසේ මිය ගොස් ඇති බව පොලිසිය පැවසීය.

මිය ගිය දරුවා වයස අවුරුදු 4 හමාරක් වු පිරිමි දරුවෙකි.

දරුවාගේ මෘත ශරීරය දැරණියගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මව සහ අනෙක් දරුවාට අනතුරක් සිදුව නොමැති අතර දැරණියගල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − 8 =