ජල සම්පාදන සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන්

(කොළඹ, ලංකාපුවත්) – වැටුප් ගැටලුවක් මූල් කරගනිමින් ජල සම්පාදන සේවකයින් ආරම්භ කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.

ඊයේ (06) පස්වරුවේ ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ජාතික සමගි සේවක වෘත්තීය සමිතියේ ලේකම් නාමල් වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

ඒ අනුව අද (07) සිට සාමාන්‍ය පරිදි ජල සම්පාදන සේවකයින් සිය රාජකාරී කටයුතු සිදුකරන බව නාමල් වසන්ත බණ්ඩාර මහතා පැවසීය‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *