හේම නලීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව

(කොළඹ, ලංකාපුවත්) – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හේම නලීන් කරුණාරත්න මහතා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොළය අභ්‍යන්තරයේ සිදුවූ නහරයක් පුපුරා යාමෙන් ඇතිවූ රුධිර වහනයෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබේ.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය ජාතික රෝහලේ දී ඊයේ(16) සිදු කෙරුණි.

එහිදී හෙලි වුණේ මොළය අභ්‍යන්තරයේ සිදුවූ රුධිර වහනය මරණයට හේතුව බවයි.

හේම නලීන් කරුණාරත්න මහතා මිය යන විට 56 වන වියේ පසුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + thirteen =