පොලිස් නිලධාරීන්ට අල්ලස් දීමට ගොස් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – හලාවත ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු බේරාගැනීමට පොලිස් නිලධාරීන් හට අල්ලස් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(06) හලාවත, විලත්තව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 03යි මිලි ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවෙකු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව හලාවත පොලිස් ස්ථානයට පැමිණි තවත් පුද්ගලයෙකු විසින් අදාළ සැකකරු මුදාහරින ලෙස පවසා පොලිස නිලධාරීන් හට රුපියල් 50,000ක අල්ලසක් ලබාදීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.

එහිදී අදාළ මුදල් ද සමඟ අල්ලස් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයා සහ අල්ලස් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයා අද(07) හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හලාවත පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *