සංචාරකයන්ගේ පැමිණීම සියයට 6.2 කින් ඉහළට ‍

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ආසියානු කලාපයට අයත් සංචාරක ආකර්ෂණීය රටක් වන ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන්ගේ පැමිණීම සියයට 6.2 කින් ඉහළ ‍ගොස් ති‍බේ.

ඒ අනුව ‍මේ වස‍රේ මැයි මාස‍යේ දී වි‍දේශීය සංචාරකයන් 129,466 ‍දෙ‍නෙකු ‍මෙරටට පැමිණ ති‍බෙන අතර එය පසුගිය 2017 වස‍රේ මැයි මාසයට සා‍පේක්ෂව සියයට 6.2 ක වර්ධනයක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. පසුගිය වස‍රේ මැයි මාස‍යේ දී වි‍දේශීය සංචාරකයන් 121,891 ‍දෙ‍නෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මේ වසරේ මුල් මාස‍ කිහිපයේ දී ‍විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ශීඝ්‍ර වර්ධනය පෙන්නුම්කර තිබෙන අතර එම තත්ත්වය වසර අවසන් වනවිට දැවැන්ත වර්ධනයක් දක්වා වර්ධනය වනු ඇතැයි ද ‍මේ වසර අවසාන‍ය වනවිට වි‍දේශීය සංචාරකයන් ලක්ෂ 25ක් ‍ගෙන්වා ගැනීම රජ‍යේ ඉලක්කය වී ති‍බෙන බවද එම අධිකාරිය ‍පෙන්වාදෙයි.

පසුගිය 2017 වස‍රේ දී වි‍දේශීය සංචාරකයන් 2,116,407 ‍දෙ‍නෙකු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ති‍බෙන අතර එය ‍පෙර වසරට සා‍පේක්ෂව විශාල වර්ධනයක් බවද ‍මේ තත්ත්වය ශ්‍රී ලංකා‍වේ ආර්ථික වර්ධනයට සෘජුවම බලපාන බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ‍මේ වසරේ මුල් මාස පහක කාලයේ දී විදෙස් සංචාරකයන් 1,017,819 දෙනෙකු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර එය පසුගිය වසරේ එම කාලයේ දී පැමිණි 887,093 ට සාපේක්ෂව සියයට 14.7 ක වර්ධනයක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *