දේශපාලන පළි ගැනීම් සිදු කරන්නේ නැහැ – ඇමති තලතා

(කොළඹ, ලංකාපුවත්) – 1999 වසරේ සිට විවිධ අවස්ථාවලදී දේශපාලන පළිගැනීම්වලට ලක්ව අසාධාරණයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් 09 දෙනෙකුට හා උසස් වීම් ලද සහකාර බන්ධනාගාර අධිකාරීවරු 09දෙනෙකුට ඊයේ(07) පත්වීම් ප්‍රදානය කෙරුණි.

අධිකරණ අමාත්‍යංශයේ පැවැති එය, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

එහිදී ඇය කියා සිටියේ අප රජය තුළ කිසිදු අයෙකුගෙන් දේශාපාලන පළි ගැනීම් සිදු නොකරණ බවත් දක්‍ෂතාවය හා විනය පළපුරුද්ද මත උසස් වීම් ලබා දෙන බවත් ය. සියලු දෙනාම මනුෂ්‍යයෝ යන අදහසින් යුතුව මිත්‍රශීලී දෙපාර්තමේන්තුවක් බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පත් කළ යුතු බවද ඇමතිවරිය පැවසුවාය.

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සාධාරණය ඉටු කිරීමට යහපාලන රජය බපයට පත් වූ දවසේ සිට කටයුතු කර ඇතැයි ද තලතා අතුකෝරළ අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *