මැලේසියානු යානයට බෝම්බ බියක් ගෙනා ශ්‍රී ලාංකිකයා වසර 12 ක් ඇතුළට

(කොළඹ, ලංකාපුවත්) – 2017 වර්ෂයේදි මැලේසියානු ගුවන් සමාගමට අයත් MH 128 දරණ යානයක් තුළ බෝම්බයක් පිපිරවීමට සාවද්‍ය ලෙස තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලාංකික ජාතිකයෙකුට ඔස්ට්‍රේලියානු අධිකරණයක් විසින් වසර 12 ක සිරදඬුවමක් ලබා දී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපළින් ගුවන්ගත වූ මෙම යානය මැලේසියාවේ ක්වාලාලම්පුර් නුවර බලා විනාඩි තිහක් පමණ පියාසර කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයා ගුවන්යානයෙහි බෝම්බයක් ඇති බවට බිය ගන්වා එය නැවත මෙල්බර්න් නුවරට ගොඩබැස්වීමේ සිදුවීමකට අදාළව මෙම දඩුවම නියම කර තිබේ.

තමන් අත බෝම්බයක් ඇති බව පවසමින් බැටරියක් වැනි යමක් ගෙන එහි සිටි ශ්‍රී ලාංකික මඟියා බලහත්කාරයෙන් නියමු මැදිරියට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවද එහිදි මෙම පුද්ගලයාව කාර්ය මණ්ඩලය විසින් ග්‍රහණයට ගෙන මෙල්බර්න් ගුවන් තොටුපල ආරක්ෂක අංශ වෙත භාර දිමට කටයුතු කෙරුණු බව සිද්ධිය පිළිබඳව මාධ්‍ය වාර්තා පල වි තිබුණී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × five =