සංවර්ධන වැඩ නිම කරන්න අධීක්ෂණ මන්ත්‍රීන්ට ඉලක්ක ගත කාලයක්

(කොළඹ, ලංකාපුවත්) – රජය පත් කර ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට ප්‍රදේශයේ සංවර්ධන කටයුතු නිමා කිරීමට ඉලක්කගත කාල වකවානුවක් ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ජනතාවට ඝෘජු ප්‍රතිලාභ අත්වන සේ රජයේ සංවර්ධන ව්‍යාපෘති ඉක්මනින් අවසන් කිරීමට මෙම පියවර ගෙන තිබේ.

රජයේ සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂමව අවසන් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අමාත්‍යාංශ මට්ටමින් අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීමට පියවර ගැනිණි. මේ වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට කිසිදු අමතර ගෙවීමක් සිදු නොකරන අතර ඔවුනගේ ඡන්ද බල කොට්ඨාසයේ කාර්යාලයක් පවත්වාගෙන යාමට පහසුකම් සලසා දෙනු ලැබේ. දීමනාවක් හෝ ඉන්ධන කෝටා ලබා ‍නොදෙන හෙයින් අමාත්‍යාංශ විෂය පථයේ කටයුතු සොයා බැලීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් වාහන පහසුකම් සපයනු ලැබේ.

මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට ඉලක්කයක් සහිතව පවරා දෙන වැඩවල ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඝෘජු අධීක්ෂණය යටතේ මාසිකව සමාලෝචනයක් සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *