හේම නලින් මහතාගේ අවසන් කටයුතු අද

(කොළඹ, ලංකාපුවත්) – සම්මානිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු හා නිවේදකයෙක් වූ හේම නලින් කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08) සිදු කෙරේ.

නවයයි පහ, ආනන්ද රාත්‍රී, සකිසඳ වැනි රූපවාහිනී වැඩසටහන් තුළින් හේම නලින් කරුණාරත්න නොමඳ සහෘද ප්‍රසාදයකට ලක්විය.

ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා ඊයේ(07) පෙරවරුවේ පැමිණියේය.

මේ අතර ශෝක පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා ශ්‍රී ලාංකේය නිවේදන කලාව තුළ සුවිශේෂී අනන්‍යතාවක් ගොඩනැගූ අයෙකු බවයි. දෙස් විදෙස් අත්දැකීම් හා පුහුණුව ලබමින් ඔහු මහත් කැපවීමෙන් සිය වෘත්තීය ජීවිතයේ ප්‍රගමනය වෙනුවෙන් කටයුතු කරන ලදි. හේම නලින් කරුණාරත්නයන්ගේ සරළ සැහැල්ලු එමෙන්ම දැනුවත් සහ වියත් ප්‍රවේශක භූමිකාව රූපවාහිනී තිරයට පරිපූර්ණ අපූර්වත්වයක් එක්කළ බව අග්‍රාමාත්‍යවරවාගේ නිවේදනයේ සඳහන්ය.

දේහය අද (08) පෙරවරු 09.30 දක්වා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත්කර තිබේ. ඉන් අනතුරුව බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *