ඔස්ට්‍රේලියානු බලධාරීන් ආන්දෝලනාත්මක විකිලික්‌ස්‌ නිර්මාතෘව මුණ ගැසෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලන්ඩන් නුවර ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඊයේ ලොව ආන්දෝලනාත්මක විකිලික්‌ස්‌ වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ් මුණ ගැසීමට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔස්ට්‍රේලියාවේ උපත ලද ජූලියන් අසාන්ජ් මේ වන විට වසර 06 ක පමණ කාලයක් ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණය පිට රැදී සිටින අතර එම කාලය තුළ ඔස්ට්‍රේලියානු බලධාරීන් ඔහුව බැලීමට ගිය ප්‍රථම අවස්ථාව ලෙසද මෙය වාර්තා වේ.

අසාන්ජ් ගේ නීතීඥ ජෙනිෆර් රොබින්සන් ද ඔවුන් සමඟ වූ බව සදහන්ව තිබේ.

රොබින්සන් මේ පිළිබඳ අදහස් දක්වමින් මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ එම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හා ජූලියන් අසාන්ජ් ගේ හමුවීම පිළිබඳ තොරතුරු සදහන් කිරීම දුෂ්කර බවය.

මීට සති 6 කට පමණ පෙර ජූලියන් අසාන්ජ් ගේ අන්තර්ජාල සහ දුරකතන පහසුකම් ඉක්වදෝර රජය විසින් විසන්ධි කරනු ලැබූ අතර අමුත්තන් හට ඔහුව බැලීමට ද තහනම් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *