ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට හසු වූ කාන්තාවන්ට විශේෂ සහන

(කොළඹ, ලංකාපුවත්) – මූල්‍ය ගනු-දෙනුවල දී ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට හසු වූ කාන්තාවන්ට ජූනි මාසය ඇතුළත විශේෂ සහනයක් ලබාදීමට කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

මෙම විශේෂ සහන වැඩපිළිවෙල ලබන 22 දා හඳුන්වාදෙන බවත් කාන්තාවන් ලබාගෙන ඇති රුපියල් එක්ලක්ෂ පනස් දහසකට වඩා අඩු ණය මුදල්වලට අදාළ පොලිය කපාහැර රජය විසින් එය දැරීමට මේ යටතේ තීරණය කර ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.මේ යටතේ දිවයින පුරා සිටින සියලුම කාන්තාවන්ට සහනය සළසන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළේ මූල්‍ය ආයතන බිඳ වැටීම් සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදය සඳහා සිය අදහස් දක්වමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මෙසේද පැවැසීය.

මෙම යෝජනාව කා‍ලෝචිත ‍යෝජනාවක්. මෙයට පිළිතුරක් දීමට අපහසු ‍වෙන්නේ එම කාරණා සම්බන්ධ‍යෙන් මමත් එකඟවීම නිසයි. ‍මෙම ‍අය පොළී කාක්කන් ‍ලෙස හදුන්වන්න පුළුවන්. එවැනි මූල්‍ය ආයතන ඇති කළ තත්ත්වය ‍ඛේදජනකයි. යම් යම් ප්‍රදේශවල ‍මේ තත්ත්වය ති‍බෙනවා. ඔවුන්ගේ ඉලක්කය වී ති‍බෙන්නේ අසරණ කාන්තාවන්. ඔවුන්ට මුල දී ‍නො‍තේරුණත් පසුව මහා ණය උඟුලකට හසුව ති‍බෙන බව ‍පේනවා. ඇතැම්විට කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ගන්නා තත්ත්වයට පත්ව ති‍බෙනවා. ඒ ගැන අපි විසඳුම් ‍සොයා‍ගෙන යනවා. දැනටමත් ක්‍රියාමාර්ග ‍ගෙන ති‍බෙනවා. ලබන සති‍යේම ‍මේ සම්බන්ධ‍යෙන් පක්ෂ පාට ‍නොමැති කමිටුවක් හදනවා. මහ බැංකු‍වේ හා මහා භාණ්ඩාගාර‍යේ නිලධාරීන් සමඟ ක්ෂණික සහ දීර්ඝකාලීන විසඳුමක් ‍සෙවිය යුතු ‍වෙනවා.

මහ බැංකුව විසින් ලියාපදිංචි ‍කොට ක්‍රියාත්මක වන මූල්‍ය ආයතන 44ක් පමණ ‍වෙනවා. 2018 වස‍‍රේ මාර්තු 31 වනවිට ඒවා‍යේ වත්මන් ප්‍රමාණය රුපියල් බිලියන 1,395ක් ‍වෙනවා. ඒවායින් බිලියන 692ක් පමණ මහජනතාව‍ගේ තැන්පත් මුදල්. ‍මේ සමාගම් ජනතාව‍ගේ තැන්පත් ලබාගන්නා අතර ගනුදෙනුකරුවන්ට ලීසිං හා ‍වෙනත් ණය ලබාදී‍මේ කටයුතු සිදුකරනවා. ‍මේ ආ‍යතන තමන්ගේ වත්කම්වලින් සියයට 79ක් රුපියල් බිලියන 1102ක් පමණ ණය හා ලීසිං ‍ලෙස ලබා දී ති‍බෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *