කෝප් සභාපති පුටුව යළි හදුන්නෙත්තිට

(කොළඹ, ලංකාපුවත්) – පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතීත්වයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පත් වී තිබේ.

‍08 වෙනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය පසුගිය මැයි 08 වනදින ආරම්භ කෙරුණු අතර එහිදී පෙර පැවති කෝප් කමිටුවම යළි පත් කීරීමට යෝජනා කෙරිණි.

එහෙත් පසුගිය කෝප් කමිටුවේ සාමාජිකයෙකුව සිටි වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා වෙනුවට ඒ සඳහා ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා පත් කර තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගෙන් සමන්විත කෝප් කමිටුව අද පස්වරුවේ පළමු වරට රැස්වුණි.

මේ අතර රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති ලෙස යළි ලසන්ත අලගියවන්න පත් කර තිබේ.

08 වෙනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය විවෘත වීමෙන් අනතුරුව ඊයේ(08) දිනයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පළමුවරට රැස්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *