ස්පාඤ්ඤ කැබිනට්ටුවේ තුනෙන් දෙකක් කාන්තාවන්

(කොළඹ, ලංකාපුවත්) – ස්පාඤ්ඤයේ අලුතින් පත්වූ අග්‍රාමාත්‍ය පෙද්රෝ සැන්ෂේස් මහතාගේ කැබිනට් මණ්ඩලයේ පුරප්පාඩු 17න් 11කටම පත්කර ඇත්තේ කාන්තාවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පෙද්රෝ සැන්ෂේස් ගේ සමාජවාදී දේශපාලන ධාරාව නියෝජනය කරන දේශපාලනඥයෙකි. මේ අනුව යුරෝපයේ සෙසු රටවල් අතර කැබිනට් මණ්ඩලයට වැඩිම කාන්තා නියෝජනයක් ලබා දෙන්නේ ස්පාඤ්ඤයයි.

ආරක්ෂක,ආර්ථික,මූල්‍ය සහ අධ්‍යාපන වැනි ඉතා වැදගත් ක්‍ෂේත්‍රවලට කාන්තා දේශපාලනඥවරියන් පත්කොට තිබේ. ස්පාඤ්ඤයේ කැබිනට් මණ්ඩලය අග්‍රාමාත්‍යවරයා ද ඇතුලුව 18 දෙනෙකුගෙන් සමන්විතය.

නව පත්කිරීම් සමග එහි කාන්තා ප්‍රතිශතය සියයට 61.1ක් වේ. ස්පාඤ්ඤ ඉතිහාසයේ ද කාන්තාවන් වැඩිම සංඛ්‍යාවක් කැබිනට් මන්ඩලයට පත්කළ පළමු අවස්ථාව මෙය වේ.

අවම වශයෙන් ලොව රටවල් අතලොස්සක පමණක් මෙලෙස කාන්තා නියෝජනය සියයට 50ක් ඇමති මණ්ඩලය තුළ දක්නට ලැබේ. ඒ අතර ප්‍රංශය, ස්විඩනය සහ කැනඩාව විශේෂිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *