උතුරු කොරියා – අමෙරිකා රාජ්‍ය නායකයින් සිංගප්පූරුවට

(කොළඹ, ලංකාපුවත්) – හෙට (12) පැවැත්වීමට නියමිත උතුරු කොරියා – අමෙරිකා රාජ්‍ය නායක හමුව පිළිබද ලෝකයේම අවධානය යොමුව තිබේ.

මෙම ඓතිහාසික හමුව, සිංගප්පූරුවේ සෙන්තොසා දිවයිනේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. සිංගප්පූරුවේ ප්‍රධාන දූපතේ සිට මීටර් 500 ක් පමණ දුරින් මෙම දූපත පිහිටා තිබේ.

එරට තෙවන විශාලතම දූපත වන්නේ සෙන්තොසා දූපතයි. එහි කැපෙල්ලා හෝටලයේදී හමුව පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ හේතුවෙන් සෙන්තොසා දිවයිනට දැඩි ආරක්ෂාකවක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර මෙම සාකච්ඡා සඳහා සහභාගී වීම පිණිස අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොං උන් මේ වන විටත් සිංගප්පූරුවට පැමිණ සිටි.

දෙරටේම විශේෂ නියෝජිතයන් මෙන්ම ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් ද සිංගප්පූරුවට පැමිණ සිටින බව විදෙස් වාර්තා සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × four =