කහ දොඩම් වාර්ෂිකව ගෙන්වන්නට රුපියල් මිලියන 1000ක් ලංකාව වැය කරයි

(කොළඹ, ලංකාපුවත්) – අපේ පැණි දොඩම් වගාව දශක කිහිපයකට පෙර අතහැර දැමු අපි දැන් යුරෝපයෙන් කහ දොඩම් වාර්ෂිකව මෙ. ටො. 8000කට වඩා ගෙන්වන්නට රුපියල් මිලියන 1000ක් පමණ වැය කරන බව කෘෂි කර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පවසයි.

“අපේ රටේ තමයි හොඳම පැණි දොඩම් තිබුනේ. බිබිලේ කියපුවාම ඉස්සරවෙලාම මතක් වෙන්නේ පැණි දොඩම්. අපේ පසුගිය රජයන් ගත් වැරදි කෘෂිකාර්මික තීන්දු තීරණ නිසා බිබිලේ පැණි දොඩම් වගාව විනාශ වුනා. ඒ වගේම තමයි අපි කුඩා කාලේ කෑවේ යාපනයේ හදපු මිදි.

පුත්තලම හලාවත , කුරුණෑගල ප්රේ දේශවල ඕනෑ තරම් කහ සහ ඉගුරු වගා කරන්න පුලුවන් . නමුත් අද මොකද වෙලා තියෙන්නේ . වාර්ෂිකව අපේ රටට යුරෝපයෙන් කහ පාට දොඩම් මෙ. ටො. 8000කට වැඩිය ආනයනය කරනවා. අපේ රටේ මුදල් රු. මි. 1000ක් විතර ඊට වැය කරනවා. 2017 වසරේ මිදි මෙ. ටො. 9687ක් ආනයනය කර තිබෙනවා. ඒ සඳහා වැය කළ මුදල රු. මි. 2766ක්.“

කෘෂිකර්ම අමාත්යය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා (08) හේකටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණායතනයේ පැවැති උත්සවයක් අමතමිනි. අමාත්ය වරයා විසින් කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සදහා හදුන්වා දුන් අපි “වවලයි – අපි කන්නේ” කඩිනම් කෘෂි සංවර්ධන වැඩ සටහන හදුන්වා දෙමින් අමාත්යිවරයා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *