(කොළඹ, ලංකාපුවත්) – තමා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට සූදානම් බව රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ප්‍රකාශ කර තිබේ.
එවැනි හමුවක් සඳහා සුදුසුම ස්ථානය ලෙස තමා දකින්නේ ඔස්ට්‍රියාවේ වියනා නුවර බව රුසියා ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වීමට ඔස්ට්‍රියාව සූදානමින් සිටින බවද ඔහු පවසා තිබේ. මෙම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට ද ඔස්ට්‍රියාව සූදානම් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අමෙරිකා ජනාධිපතිවරයා සූදානම් වූ සැනින් තමන් මෙම හමුව පැවැත්වීමට සූදානම් බවද ඔහු ප්‍රකාශ කර තිබුණි.