ඩර්ඩන්ස් රෝහල විසින් දකුණු ආසියාවේ අතිනවීන ද්විත්ව කැතීටකරන පරීක්‍ෂණාගාරය විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) –දෘෂ්‍ය හා ජායාරූප ආධාරයෙන් රෝගාබාධ නිර්ණය කිරීම සදහා කැතීටකරන පාරික්‍ෂණාගාර ක‍්‍රමවේදය භාවිතා කෙරෙයි. ඩර්ඩන්ස් රෝහලේ දී අභිනවයෙන් විවෘත කල අතිනවීන ද්විත්ව කැතීටකරණ පරීක්‍ෂණාගාරය (biplane catheterisation laboratory)දකුණු ආසියාවේ ප‍්‍රථම පරීක්‍ෂණාගාරය වන අතර එමගින් නවීනතම තාක්‍ෂණ්‍ය භාවිතා කරමින් ඇන්ජියෝග‍්‍රෑම් සිදුකල හැකියි.

ඉතා නිවැරදිව, මාන ක‍්‍රියාකාරීත්වයෙන් හා ආරක්‍ෂා සහිතව හිසේ සිට පාදය දක්වා රෝග රෝගාබාධ කඩිනමින් හා නිවැරිදිව නිර්ණය කිරීමේ හැකියාවද නව යන්ත‍්‍රයට ඇත.

මෙම දිත්ව කැතීටකරන පරික්‍ෂණාගාරය ඉතා නිවැරදි රෝග නිර්ණය කිරීමේ මෘදුකිංගවලින් සමන්විත වන අතර වෛද්‍යවරුන්ට ඉතා පහසුවෙන් ප‍්‍රතිකාර කිරීමේ අවස්ථාව සලසයිග කෙටි පෙරසූදනම් වීමකින් සහ අඩු පරීක්‍ෂණාගාර කාලයකින් රෝගියාගේ ආරක්‍ෂාව උපරිමයෙන් තහවුරු කිරීමේ ක‍්‍රමවේදයකින් රෝග නිර්ණය කෙරෙයි. පරික්‍ෂකවරුන්ට රෝගියා සිටින ස්ථානයට හා යන්ත‍්‍රය භාවිතා කෙරෙන ස්ථානයට කිහිපවරක් ගමන් කිරීමට නව දිත්ව කැතීටකරන පරික්‍ෂණාගාරයේදී අවශ්‍ය නොවෙයි.

නව පරීක්‍ෂණ මෙවලම් දිත්වාකාරයෙන් නිර්මාණය කර ඇත්තේ VasoCTසහ AneurysmFlow තාක්‍ෂණයෙන් වන අතර මෙවැනි ද්විත්ව කැතීටකරණ තාක්‍ෂණ දකුණු ආසියාවේ රටක ආරම්භ කෙරුණු ප‍්‍රථම අවස්ථාව මෙයයි. VasoCT තාක්‍ෂණයෙන් මෘදු පටක සහ රුධිර වාහිනි හි විස්තරාස්මක ජායාරූප ගැනීමට හැකියාව ඇත. AneurysmFlowතාක්‍ෂණයෙන් සුවිශේෂ ජායාරූපකරණය සහ සවිසතරාත්මක විශ්ලේෂණයක් සපයයි.

උදාහරණයක් ලෙස, මොළයේ සැත්කමක් කරන අවස්ථාවක සජීවි ජායරූපකරණය මගින් නිසි ආරක්‍ෂාවක් ලැබෙන අතර නිසි ලෙස රෝගය නිර්ණය කිරීම සහ අවම හානිවන තාක්‍ෂණ්‍ය අවශ්‍ය වන්නේ මොළයේ රුධිර වාහිනි සංකීර්නව පිහිටා ඇති නිසායි. හෘදයේ කෙරෙණ සැත්කමකදී සජීවි ජායාරූපකරණය සහ අදාල ස්ථානයට ප‍්‍රවිශ්ට වීම ඉතා නිවැරදිව හා නිසි උපදෙස් අනුව රුධිර වාහිනි තුලින් කළ යුතු වේ. මෙම කටයුතු ඉතා නවීන තාක්‍ෂණය භාවිතා කරමින් කැතීට catheterසහ අපහරණය ablationමගින් හෘද සැත්කම් කටයුතු සදහා ඉතා උසස් ජායාරූප අවශ්‍ය වේ. ස්ටේන්ට් යෙදීමේ සැත්කමකදී මෙම තාක්‍ෂණය මගින් නිසි ස්ථානයට නිවැරදි ප‍්‍රමාණයේ ස්ටෙන්ට් එකක් යෙදීමට හැකියාව ඇත.

එක්ස් කිරණ භාවිතයේ සිදුකරන රෝග නිර්ණයවලදී ද නව තාක්‍ෂණ මගින් හ`දුනාගැනීම හැකියාව වැඩි කෙරේයි. සජීවි ජායාරූපකරණය නිසා එම අවස්ථාවේම තොරතුරු දැනගැනීටය හැකි වන අතර හිසේ සිට පාදය දක්වා රෝගාබාධ පිළිබ`ද කඩිනම් තීරණ ගැනීමේ හැකියාව රෝගියාගේ ජීවිත සුරක්‍ෂිතභාවය වැඩි කිරීමට හේතු වේ.

තවද රෝගී තත්ත්ව කිහිපයක පරීක්‍ෂණ එකම ස්ථානයකදී සිදු කිරීමට නව කැතීටකරණ පාරික්‍ෂණාගාරය තුලදී සිදුකළ හැකි අතර උදාහරණය ලෙස හෘදයේ කැතිටකරණ පරික්‍ෂණයක් කරන ස්ථානයේම රුධිර නාලවල පිරික්‍ෂණයක් ද කළහැකියි. ඒ නිසා ස්ථාන දෙකකදී මෙම පරීක්‍ෂණ කිරීමට රෝගියාට ගමන් කිරීමට අවශ්‍ය නොවන නිසා රෝගියාගේ ආරක්‍ෂාව වැඩි වේ.

ClarityIQ තාක්‍ෂණයේ උසස් ජායාරූපකරණ හැකියාව නිසා එක්ස් කිරණ භාවිය ඉතා අඩු වන නිසා රෝගියා විකිරණ වෙත නිරාවරණය කිරීම පාලනය කරමින් එය මනාව පාලනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *