දයාසිරි සී.අයි.ඩී යට එයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද(11) පැමිණ තිබේ.

පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමට අනුබද්ධ ආයතනයකින් මුදල් ලබා ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව සඳහන්ය.

මේ අතර මිට පෙර ද ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබුණ ද එදින ඔහු පෙනී සිටියේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 13 =