(කොළඹ, ලංකාපුවත්) – ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරිමට අදාල බී.සී ආකෘති පත්ර නිවැරැදිව පුරවා හැකි ඉක්මනින් ග්රාම නිලධාරිවරුන් වෙත බාරදෙන ලෙස මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉල්ලීමක් කරනු ලැබේ.
ඡන්ද නාමලේඛන සංශෝධයට අදාළ මෙම ආකෘති පත්ර ගෙයින් ගෙට බෙදාහැරිමේ කටයුතු මේ වනවිට ආරම්භවී තිබේ.
ඒ අනුව සියයට 90ක් පමණ අදාල ආකෘති පත්ර බෙදැහැරිම් අවසන් කර ඇති අතර එවා නිවැරැදිව පුරවා හැකි ඉක්මනික් යලි ග්රාම නිලධාරිවරුන් වෙත ලබා දෙන ලෙස මැතිවරණ මහ ලේකම් කාර්යාලය දැනුම් දෙයි.
ඇතැම් පුද්ගලයින් අවසාන මොහොත දක්වා මෙම බී.සී ආකෘති පත්ර බාරදිම සිදු නොකරන අතර එමගින් ගැටළු රැසක් මතුවන බව එම කාර්යාලය පෙන්වා දෙයි.
ඉදිරියේදී මැතිවරණ කිහිපයක් පැවැත්විමට නියමිත අතර එම මැතිවරණ සඳහා භාවිත කරනු ලබන්නේ මෙම ඡන්ද හිමි නාමලේඛනය බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පැවසීය.