ට්‍රම්ප් හා උතුරු කොරියා නායකයා අතර ඓතිහාසික සාකච්ජා ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් අතර ඓතිහාසික සාකච්ජා අද(12) ආරම්භ විය.

දෙරට ඓතිහාසික සබදතාවක් පවත්වනු ඇති බවට තමන්ට කිසිඳු සැකයක් නැතැයි අමෙරිකානු ජනාධිපතිවරයා එහි දී උතුරු කොරියානු නායකයාට පවසා තිබේ. සිංගප්පූරුවේ සන්තෝසා දිවයිනේ කැපෙල්ලා හෝටලයේ දී සාකච්ජා ආරම්භ වූයේ මීට සුළුවේලාවකට පෙර බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අමෙරිකානු හා උතුරු කොරියානු නායකයන් දෙදෙනා එකිනෙකා හට දෑත දිගු කරමින් සුබ පැතුම් එක්කරනු ලැබීය. එහි දී අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, මෙය ශ්‍රේෂ්ඨ හැඟීමක් බවයි. සාර්ථක සාකච්ජා සඳහා ගමන් කරන බවද, ඔහු පවසා තිබේ.

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් මෙහි දී කියා සිටියේ, දෙරටේ සබඳතාවලට බාධක පැවති බවයි. ඒ සියල්ල පරාජය කිරීමට දෙරටට හැකි වී ඇති බව ද ඔහු පවසා ඇත. අමෙරිකානු හා උතුරු කොරියා නායකයින් මාධ්‍ය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව, ද්විපාර්ශවික සාකච්ජා සඳහා පිටත්විය.

අදාළ හමුව වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් 3000කට අධික සංඛ්‍යාවක් සිංගප්පූරුව වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *