බේරේ වැව රේඛීය උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ ජල මූණත් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධනය කරන ලද බේරේ වැව නැගෙනහිර ඉවුර සංරක්ෂණය හා රේඛීය උද්‍යානය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (12) පෙරවරුවේ සිදු විය.

කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකු ආධාර මගින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරේ.

අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, මහින්ද සමරසිංහ යන මහත්වරුන් ද, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *