රූපස්කුලම් හීදි වීර වික්‍රමාන්විතව දිවි පිදූ පොලිස් විරුවන් සිහි කරයි

(කොළඹ, ලංකාපුවත්) – අම්පාර රූපස්කුලම් ප්‍රදේශයේ දී 1990 ජුකි 11වනදා වීර වික්‍රමාන්විතව දිවි පිදූ පොලිස් විරුවන් 400කට අධික සංඛයාවක් සිහි කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් පවත්වනු ලබන උත්සවය ඊයේ(11) පෙරවරුවේ රූපස්කුලම්හිදී පැවැත්විණි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු විය.

එසේම ජීවිතක්‍ෂයට පත් වූ සියළුම පොලිස් රණවිරුවන්ගේ දෙමාපියන්, ඥාතීන්, සම්භාවනීය අමුත්තන් රැසකගේ හා පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එය සිදු කෙරුණි.

1990.06.11 දින තිරුක්කෝවිල් පොලිස් වසමේ රූපස්කුලම් වනාන්තරයේ දී එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් විසින් නිරායුධව සිටියදී වෙඩි තබා ඝාතනය කරන ලද මෙම පොලිස් විරුවන් සිහිකිරීම සෑම වසරකම පොලිස් සේවා බලකා මූලස්ථානයේ හා අම්පාර පොලිස් අධිකාරී කාර්යාලයේ පිහිටා ඇති ස්මාරකය අබියසදී සිදු කරනු ලැබේ.

මෙවර සොයුරු පොලිස් විරුවන් අනුස්මරණය කිරීම ප්‍රථම වාතවට සිද්ධිය වූ ස්ථානයේ දීම සැමරීම ඵෙතිහාසික අවස්ථාවකි. එම ස්ථානයේ දී රණවිරු ස්මාරකයක් ද නිරාවරණය කරන ලදි.

????????????????????????????????????

Leave a Reply

Your email address will not be published. Required fields are marked *