වාරි ශිෂ්ඨාචාරයට ප‍්‍රථම වරට ගංඟා ජලය එක්කල ඇලහැර අමුණේ නිර්මාතෘ වසභ රජුනේ නමවත් නැහැ – සිවිල් සංවිධාන කනස්සල්ලෙන්

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාවේ වාරි ශිෂ්ඨාචාරයේ ප‍්‍රථම වරට ගංඟා ජලය වාරි පද්ධතියට එක්වන අඹන් ගඟ හරහා ඉදිකරන ලද ඇලහැර අමුණේ ආරම්භකයා වන වසභ රජුගේ කිසිදු තොරතුරක් අමුණ ආසන්නයේ දක්නට නොලැබීම කණගාටුවට කරුණක් බව සිවිල් සංවිධාන රැසක් පෙන්වා දෙයි.

ඇලහැර අමුණ වසභ රජු (ක‍්‍රි. ව. 67 – 111) මුලිකව ආරම්භ කර පසුව මහසේන් රජු විසින් වර්ථමාන තත්ත්වයට පත්කර ඇති බව ඉතිහාසයෙහි සදහන් වෙයි.

සියවස් ගනනාවක් නොසලකා හැර තිබු ඇහැර ඇල පසු කාලිනව ප‍්‍රතිසංස්කරණය කිරීමේ ගෞරවය හිමිවන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර වරයෙකු වන හෙන්රි වොඩ් ටය.

ඇලහැර අමුණ ප‍්‍රදේශයට සංචාරයක් සඳහා එක්වු දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති නිමල් ආනන්ද කනහැර ආරච්චි මහතා කියා සිටියේ මින්නේරිය, ගිරිතලේ හා කන්තලේ ජලාශ වලට විශාල ජල ප‍්‍රමාණයක් අමුණ හරහා රැගෙන යන බවයි.

ඇලහැර ඇලේ සම්පූර්ණ දුර ප‍්‍රමාණය සැතපුම් 54 කි. එහි පළල අඩි 70 වේ සිට අඩි 200 දක්වා වෙනස්වේ.

රජරට ප‍්‍රදේශයේ වැවි පද්ධතියට අබන්ගගේ මහා ජලකඳ ගලා යන මහා වාරි වික‍්‍රමය ඇතිවූයේ වසභ රජු හේතුවෙන් බව ඉතිහාසය පිරික්සන්නෙකුට පැහැදිළි වනු ඇත.

ආකාස ගංඟාව ඔස්සේ පරාක‍්‍රම සමුද්‍රයෙන් අනතුරුව රජරට පුරා පිහිටි සියලූම වැව් අමුණු, කුඩා වැව් වලටත් ජලය ගලායෑම ඇලහැර අමුණ හරහා සිදුවන විශේෂත්වයකි.

පසුකාලිනව (1970 දශකයේ මහවැලි ජලය පොල්ගොල්ලෙන් හරවා මොරගහකන්ද දක්වා ගෙන ඒමේ යෝධ ව්‍යාපාතිය දක්වා පාදකවන මහා අසද්දුෂ වාරි වික‍්‍රමයක් ශ‍්‍රී ලංකාව තුළ ඇතිවීම දක්වා පාදක වන ඇලහැර අමුනේ වසභ රජු පිළිබඳව කිසිදු සටහනක් දක්නට නැත.

එදා වසභ රජු විසින් ඇලහැර අමුණ හරස් නොකරන්නට අද වන විට කඩිනම් මහවැලි යෝධ සංවර්ධණ ව්‍යාපෘතිය පිළිබඳ සිහිනය කිසි දිනක ඉටුනොවන සිහිනයක් වන්නට තිබු බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ අදහස වී තිබේ.

මෙවන් වු වාරි ශිෂ්ඨාචාරයේ හැරවුම් ලක්ෂය වන ඇලහැර අමුණ පිළිබදව ගවේෂණය කරන්නෙකුට හෝ කිසිදු සංචාරකයෙකුට ඇලහැර අමුණේ ඉතිහාසය දක්නට නොලැබේ.

නාඋල නගරයේ සිට මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය දක්වා දිවෙන මාර්ගයේ මොරගහකන්ද වාරි ව්‍යාපාතිය පසුකරන විට ඇලහැර අමුණ හමුවෙයි.

එහි දැනට දක්නට ලැබෙන පුවරු වල සටහන් වන ආකාරයට අනුව ‘ අඹන් ගඟ වේල්ල ’ යනුවෙන් සදහන් කර තිබේ.
සිංහලෙන් සඳහන් පුවරුවේ වාරිමාර්ග දෙපාර්ථමේන්තුව විසින් ප‍්‍රකාශයට පත්කර ඇති ආකාරයට අඹන්ගඟ අමුණ හා කුඩා ගඟ අමුණ ලෙස අමුණු දෙකක් පිළිබ`දව හා ඒවායේ ධාරිතාවන් පිළිබදව සදහන් කර ඇත.

ඉන් ඔබ්බට ගිය ගංගා ජලය වාරි පද්ධතියට එක්කල වසභ රජු පිළිබඳව කිසිදු සදහනක් හෝ යොදා නොතිබීම ඉතිහාසය පුරා සිදුවු වැරදි අතරට එක්වන තවත් එක් වැරැද්දක් බව විද්වතුන්ගේ මතය වී තිබේ.

එනිසා මේ මහා වාරි ශිෂ්ඨාචාරය වෙනස් මගකට යොමුකළ මහා යුග පුරුෂයෙකුගේ නාමය හෝ ඇලහැර අමුණ ආසන්නයේ ප‍්‍රදර්ශනය කිරීම අදාල බලධාරීන්ගේ වගකීම බව සිවිල් සංවිධන රැසක් කියා සිටියි.

මෙම තත්ත්වය පිළිබඳව වාරිමාර්ග සහ ජල සම්පත් හා අපදා කළමනාකරණ අමාත්‍යංශයෙන් ද අප විමසීමක් කළ අතර එහි ප‍්‍රකාශකයෙකු කියා සිටියේ මෙම කරුණ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දැනුවත් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + 13 =