ශ්‍රී ලංකාවේ මලල ක්‍රිඩාවේ උන්නතිය උදෙසා ජපානයෙන් අතහිත

(කොළඹ, ලංකාපුවත්) – 18 වන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය සදහා ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වී සිටින පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ජපානයේ හෂිමා නගරයේ නගරාධිපති සතෝෂි මැට්සුයි මහතා සමග ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය සදහා වූ ද්වීපාර්ශ්වික ගිවිසුමක් පසුගියදා අත්සන් තබනු ලැබීය.

‘මෙම ගිවිසුම තුලින් අපේ ජාතිය අපේ අභිමානයයි‘ යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රිඩාවේ යෙදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජපානයේ විවිධ ආයතන හා දානපතින්ගේ අනුග්‍රහය යටතේ කැපකරු ක්‍රමයක් ඇති කිරීමටත් ක්‍රීඩා උපදේශනයට අදාල සේවා වැඩිදියුණු කිරීම හා ක්‍රීඩා මාර්ගෝපදේශනය ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමත් අරමුණ වී ඇත.

ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව පැමිණ සිටි අමුත්තන් ඇමතූ අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නංවාලීම සදහා ජපානය විසින් දක්වන උනන්දුව හා දායකත්වය සදහා සැමගේ ප්‍රසංශාව හිමිවන බවයි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,“ මෙම අවස්ථාවේ දී ඔබලා ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වන උනන්දුව හා දායකත්වය සදහා මාගේ ප්‍රසංශාව හිමිවෙනවා. ජපානය සමග අප ර‍ටේ ඇති රාජ්‍ය තාන්ත්‍රික සබදතාවය හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සෙන් ෆැන්සිස්කෝ සමුළුව ඇමතූ කාලයේ සිට අඛණ්ඩව පැවත එන්නක් . සමහර රටවල් අතර සබදතාවය‍න් ඇතිවනුයේ ඔවුන්ගේ ආර්ථික සහයෝගීතාවය මතයි. නමුත් තවත් සමහර රටවල් අතර සබදතාවයන් පවතිනුයේ සහෝදරත්වය හා බැදීම පදනම් කරගෙනයි. ඒ අතරින් ශ්‍රී ලංකාව ආර්ථික බලවතෙක් නොව්වත් ජපානයත් අතර ඇත්තේ සහෝදරාත්මක බැදීමකි. ජපානය ශ්‍රී ලංකාවේ සමග සබදතා පවත්වන්නේ කිසිදු පටු අරමුණක් ඇතිව නොවේ. ජපානය ලංකාවේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සෑමවිටම සහයෝගය ලබාදෙනවා.

ඒ අයුරින් ගත් කල ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වැඩිදියුණු කිරීම සදහා ජපානය විසින් ලබාදෙන සහාය ගැන මා විශේෂ ස්තුතිය ඔබට පුදකර සිටිනවා”

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්දික පතිරණ මහතා ඇතුළු ජපාන විශේෂ නියෝගිත පිරිසක්ද මේ සඳහා සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *