අද මධ්‍යම රාත්‍රීයේ සිට වෙනස්වන භූමිතෙල් මිල

(කොළඹ, ලංකාපුවත්) – භූමිතෙල් ලිටරයක් රුපියල් 70ට ලබාදීම අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකයි.

ධීවර ජනතාව ඇතුළු අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් මෙම පියවර ගත් බවයි, රජය පවසන්නේ. පසුගිය මැයි මස 10 වැනිදා සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 44 සිට 101 දක්වා ඉහළ දැමුණි.

අවස්ථා ගණනාවකදී, තමන්ට සාධාරණ මිලකට භූමිතෙල් ලබා දෙන ලෙස ධීවර ජනතාව ඉල්ලා සිටියේය. ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම, මුදල් අමාත්‍යවරයා සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව, භූමිතෙල් මිල අඩුකිරීමට හැකි වූ බව ධීවර අමාත්‍යාංශය සදහන් කළේය. භූමිතෙල් ලීටරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 100ක් වේ.

එහි නව මිල රුපියල් 70ක් දක්වා අඩු කිරීමේ දී ලීටරයකින් රජයට සිදුවන පාඩුව රුපියල් 30කි. එම නිසා දිනකට රුපියල් පනස්හත් ලක්ෂ 15,000ක පාඩුවක් දැරීමට රජයට සිදුව ඇත.

භූමිතෙල් ලීටරයක් රුපියල් 70ක මුදලකට ලබා දීමට රජය පියවර ගැනීම තමන්ට මහත් අස්වැසිල්ලක් බව ධීවර ජනතාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *