FIFA පාපන්දු සැණකෙළිය ජුනි 14 වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – ජුනි 14 වනදා 2018 ෆිෆා ලෝක කුසලානය සඳහා රුසියාව සහ සෞදි අරාබිය අතර ද්වන්ද සටනින් ආරම්භ වන මෙවර පාපන්දු ලෝක කුසලානය මොස්කව් නුවර ලුෂ්නිකි ක්‍රීඩාංගණයේ දී ඇති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සුදානමින් පවතී.

ලෝකය වටා සිටින මිලියන ගණනක් නරඹන සංගීතමය ආරම්භක සැණකෙළියට පාපන්දු ලෝකයේ නම් තැබූ සුපිරි ක්‍රීඩකයන් රැසක් සහභාගී වනු ඇත. රුසියානු භූමිය මත සියලු ක්‍රීඩකයින් බලාපොරොත්තු වන පාපන්දු කීර්තිය, බ්‍රසීලයේ දෙවතාවක් FIFA ලෝක කුසලානයේ ශූර රොනාල්ඩෝ ගේ විශේෂ සහභාගිත්වයෙන් ඇරඹේ.

රටවල් 32 ක් කාණ්ඩ 8 ක් යටතේ තරග වැදීමට නියමිත අතර උරුගුවේ, ඊජිප්තුව, රුසියාව, සහ සෞදි අරාබිය යන රටවල් හතරෙන් එකක් ජයග්‍රහණය පිලිබදව ලෝකයේ බොහෝ දෙනා වැඩි බලාපොරොත්තු රදවා සිටීයි.

රුසියාව මේ හතර අතරින්  කැපී පෙනුනේ නැතත් සත්කාරක රාජ්‍ය කණ්ඩායම ලෙස, පිටියේ වැඩි වාසි ලබා ගනු ඇත.

පසු ගියවර සූරයන් වූ ජර්මනිය, මෙක්සිකෝවට එරෙහිවත්, පස් වරක් ලෝක කුසලාන ජයග්‍රාහකයන් වූ බ්‍රසීලය, ස්විට්සර්ලන්තයට එරෙහිවත්, කොස්ටාරිකා සහ සර්බියාව වඩා උණුසුම් තරගයකටත් එළබෙන සතිය තුල අපට දෙක ගත හෙකි වනු ඇත.

යුරෝපීය ශූරයන් වන පෘතුගාලය සිය පළමු තරගයේ දී ස්පාඤ්ඤය ට එරෙහිව තරග කරන අතර, එංගලන්ත කණ්ඩායම G කාණ්ඩයේ අනෙක් පැනමා කණ්ඩායම ට එරෙහිව සටන් වදිනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *