(කොළඹ, ලංකාපුවත්) – බේරුවල අළුත්ගම ප්‍රදේශයේ සිදුවු සිද්ධියේ දී විනාශයට පත්වූ දේපළ සදහා විශේෂ වන්දි වැඩපිළිවෙලක් නිර්දේශ කිරීමට රජය පියවර ගෙන ඇත.
හානි වුණු දේපළ සදහා පවති රෙගුලාසි යටතේ ලබා දිය හැකි උපරිම වන්දි මුදල් ප්‍රදානයට රජය පියවර ගනු ලැබීය.
එහෙත් එමගින් ආවරණය නොවූ ගෘහ හා අනෙකුත් උපකරණවලට සිදුවු හානි සඳහා තවදුරටත් වන්දි ගෙවිය යුතු බවට දිස්ත්‍රික් ලේකම්වරයා පත් කළ විශේෂ තක්සේරු කමිටුව නිර්දේශ කරන ලදි. ගෙවීම් සිදුකිරීමට හැකිවන පරිදි රුපියල් මිලියන 185.9ක මුදලක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණි.