කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් පැමිණි ජීප් රථය අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ දී කිරිවෙහෙර විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමකට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් පැමිණ තිබූ මෝටර් රථය මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (12) රාත‍්‍රියේ 10.40ට පමණ මෙම වෙඩි තැබීම සිදු විය.

වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් පැමිණි ජීප් රථය මේ වනවිට පොලිස් භාරයට ගෙන පරීක්ෂණ සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

කිරිවෙහෙර මළුවේදී වෙඩි තැබීම සිදුවූ අතර වෙඩි තැබීමෙන් කිරිවෙහෙර විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමක් තුවාල ලැබීය.

විහාරාධිපති හිමියන්ගේ උදරය ප්‍රදේශයට වෙඩි ‍ප්‍රහාරය එල්ල වී ඇති අතර මේ වන විට හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකක‍යේ වැඩිදුර ප්‍රතිකාර ලබන බව ද වාර්තා වේ.

සැකකරුවන් පැමිණ ඇත්තේ UP CAG 8531 දරණ හොණ්ඩා වෙසෙල් වර්ගයේ ජීව් රථයකින් බව පොලිසීය සදහන් කළේය.

මේ වන විට සැකකරුවන් සම්බන්ධයෙන් සාර්ථක තොරතුරු කිහිපයක් ඔස්සේ තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ කතරගම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + two =