ප්‍රවීණ සංගීතවේදී සිරිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවීණ සංගීතවේදී සිරිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි. මියයනවිට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය.

කලක් රෝගාතුරව සිටි ඔහු කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

ශ්‍රී ලාංකේය ගීතාවලියට අපූර්ව ගීත රැසක් වෙනුවෙන් එතුමා සංගීත නිර්මාණය කර තිබේ.

ඒ අතර කරුණාරත්න දිවුල්ගනේ මහතා ගයන “සේපාලිකා” , සේනානායක වේරලියද්ද මහතා ගයන “නන්දනීය පෙම” හා “කුස පබාවතී පුවතක්”, කිත්සිරි ජයසේකර මහතා ගයන “මී පැණි රහසක්” , අසංක ප්‍රියමන්ත පීරිස් මහතා ගයන “හුදෙකලා විරාමයේදි” වැනි ගීත සඳහා තනු නිර්මාණය කළේ ද සිරිල් පෙරේරා සංගීතවේදියායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 2 =