බස් රථ අනතුරකින් 17ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මේන්පූර් හි සිදුවූ මගී බස් රථ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇතැයි පීටීඅයි පුවත් සේවය වාර්තා කර ඇත.

අධික වේගයෙන් ධාවනය කළ බස් රථය මාර්ගය දෙපසට බෙදෙන ස්ථානයක පිහිටා ඇති කණුවක ගැටීමෙන් පෙරළී යාමෙන් අනතුර සිදුව තිබේ.

මෙම බස් රථයේ රියදුරුට අනතුර හේතුවෙන් ඔහුගේ වම් පාදය අහිමි වී ඇත.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බස් රථ අනතුරු බහුලව වාර්තා වන අතර, පටු සහ බෑවුම් සහිත මාර්ගවල රියදුරන් අධික වේගයෙන් ධාවනය කිරීම මෙම අනතුරුවලට ප්‍රධානතම හේතුව වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 5 =