මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කටයුතු කඩිනම් කිරීම සඳහා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සදහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ (12) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී මෙහි පළමු අදියරේ ඉදිකිරීම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 989 මූල්‍ය පහසුකමක් චීන එක්සිම් බැංකුවෙන් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් මේ වනවිටත් සිදු කරමින් පවතින අතර නව මූල්‍ය පහසුකමත් සමඟ ඉදිකිරීම කටයුතු තවදුරටත් කඩිනම් වන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 3 =