මාලිගාවේ වෙබ් අඩවියෙන් මිලියන 88ක් පෙරහැර නරඹලා

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී දළදා මාලිගාවේ නවතම තාක්‍ෂණය සහිත වෙබ් අඩවිය මගින් පසුගිය වර්ෂයේ මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර ලෝ පුරා ජනතාව මිලියන අසූ අටක්‌ නරඹා තිබෙන අතර, එම සංඛ්‍යාව මෙවර මිලියන100 දක්‌වා ඉහළ යනු ඇති බවට තමා විශ්වාස කරන බවත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා සදහන් කළේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් හා ශ්‍රී දළදා මාලිගාව අතර වාර්ෂික ඇසළ පෙරහැර හා සම්බන්ධ තොරතුරු තාක්‍ෂණ ව්‍යාපෘතිය 2018 ගිවිසුම අත්සන් කිරීමේ අවස්‌ථාවට සහභාගි වෙමින් පසුගියදා දියවඩන නිලමේවරයා මේ බව පැවසීය.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය 2006 වසරේ සිටම ශ්‍රී දළදා මාලිගාවේ ජාත්‍යන්තර වැඩපිළිවෙළට අනුග්‍රහය දැක්‌වීමෙන් මහඟු සේවයක්‌ සිදුකරන බවද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා කියා සිටියේය.

ටෙලිකොම් ආයතනයේ නව සභාපති පී. ජී. කුමාරසිංහ සිරිසේන මහතා ද ව්‍යාපෘතියට අඛණ්‌ඩව සහාය ලබාදීමෙන් දළදා වහන්සේ උදෙසා පැවැත්වෙන වාර්ෂික ඇසළ මහා මංගල්‍යය ලෝකවාසී ජනතාවට දැකබලා ගැනීමට සැලසීමෙන් මහඟු සේවයක්‌ ඉටුකරන බවද දියවඩන නිලමේ නිලංග දැල මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + nineteen =