මැතිව්ස් හා ගමගේ වෙනුවට ක්‍රීඩකයින් දෙදෙනෙක් ආදේශ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අහිමී වන වේග පන්දු යවන ක්‍රීඩක හා ඇන්ජලෝ මැතිව්ස් වෙනුවෙන් දසුන් ශානක හා ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් ආදේශ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටි.

ළහිරු ගමගේට සිය ඇගිල්ලක සිදුවු ආබාධයක් හේතුවෙන් තරගාවලිය අහිමි වන බවත් මැතිව්ස්ට සිය පෞද්ගලික අවශ්‍යතාවයක් හේතුවෙන් හදිසියේ ශ්‍රී ලංකාවට පැමීණිමට සිදුව ඇති හෙයින් තරගාවලිය අහිමි වන බවද එම නිවේදනයෙහි සඳහන් වේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය හෙට(14) පැවැත්විමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + eleven =